27 April 2024
#දේශීය

කිඹුලාවල කඩ ඉවත් කරන්නේ නෑ – ඇමති ප්‍රසන්න

මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීදි ආහාර ස්ථාන කිසිවිටක ඉවත් නොකරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) දින පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ඇසු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමිනි.  

වීදි ආහාර ක්‍රමවේදය සාර්ථක වැඩ පිළිවෙලක් බවත් එම ක්‍රමවේදයක් කිසිවකුට අවහිර නොවන සේ ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලෙය “ ගරු කතානායකතුමනී, කිඹුලාවල ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනවලයි. දැන් සතිය පුරාම එය ක්‍රියාත්මක වෙනවා. එතැන පාරෙන් මෙහා පැත්තේ තියෙන කඩවලින් පැමිණිලි ඇවිල්ලා තියෙනවා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැහැ කියලා. එතැන අපිරිසිදුතාවය පිළිබඳවත් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව අද නාගරික සංවර්ධන අධිකාරියේදී අපි සාකච්ඡාවක් තියෙනවා. එහිදී ඔවුන්ට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න තීන්දු කර තිබෙනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *