27 April 2024
#දේශීය

රටේ මුල්‍ය අර්බුධය මැද මුදල් ඇමැති රට ගියේ යි? එජාපය ප්‍රශ්ණ කරයි

පවතින මූල්‍ය අර්බුදය හමුවේ මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුළ නොසිටීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා ප්‍රශ්න කරයි.

එම පක්ෂය කැඳවා තිබු මාධ්‍ය හමුවේ ඒ් මහතා කියා සිටියේ රට තුළ මූල්‍ය අවිනිශ්චිතතාවයක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයාට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය යැයි හැඟුණේ මන්දැයි යන්න.

දිනපතා ජීවන වියදම ඉහළ යන අතර කඩේ කෑම බීම නොමැති අවස්ථාවදී මහජනතාවට රැකියා අහිමි වන තත්ත්වය ඇති ව තිබෙන අවස්ථාවේදී මුදල් ඇමැතිවරයා මේ සියලු ප්‍රශ්න ගණන් නොගෙන තම පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කර තිබෙන බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කොළඹගෙ මහතා මෙසේ අදහස් පල කලේය “වෙනත් රටවල මෙහෙම සිදුවුණා නම් ඇමතිවරයාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා. මහජනතාවට ඉටුකළ යුතු වගකීම් ඉටු කිරීමට මේ රජය උනන්දු නොවන බව ඔවුන්ම රටට පෙන්වා දී තිබෙනවා. රට හැර ගොස් නිවාඩු ගිය එකම ඇමතිවරයා මුදල් ඇමතිවරයා නොවේ, තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුද මේ දුෂ්කර අවස්ථාවේ විදේශ සංචාරවල නිරත වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.” යැයි කොළඹගේ මහතා පෙන්වා දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *