27 April 2024
#දේශීය #පුවත්

සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

අධ්‍යාපන අමාත්‍යාංශය සතු අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ නිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩ නැංවිය නොහැකි බවත් ඒ සඳහා සමස්ත ජාතිය ම කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි.

අධික සීතල දේශගුණයක් පවතින රටවල හිම පතනය නොවන මාස හයක කාලය තුළ තට්ටු නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා බඳුන්ගත වගාවෙහි නිරත වෙමින් ජනතාව නිෂ්පාදන ආර්ථික වර්ධනයට උර දෙන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර යටතේ මෙරට මූලික අවශ්‍යතා ඉටු කරගන්නා පසුබිමක මෙරට රාජ්‍ය හා වෙනත් ආයතන ඇතුළු සමස්ත ජනතාව ම දේශගුණ විපර්යාස වැනි ඉදිරි ආපදා තත්වයන් ජයගැනීම සඳහා විධිමත් පෙරසූදානමකින් සිටිය යුතු බවත් අවධාරණය කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *