රුපියල් මිලියනයකට අධික භාණ්ඩ ආනයනය කරමින් රේගු ආඥා පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක හිමිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි සැකකරු ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
සැකකරුට එරෙහි පැමිණිල්ල පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිශ්ප්‍රභ කරන ලෙසත් විත්තිය විසින් විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබූ නමුත්, එම විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමේ ඉල්ලීම මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය යටතේ සැකකරු මුදා හරින ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අගෝස්තු 06 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින දක්වා නඩුව කල් තැබීය.














