නීතිය රකිනා භූමිකාවේ සිටින පියෙකු විසින්ම තම දියණියගේ ජීවිතය අතිශය අමානුෂික ලෙස කෙලෙසූ පුවතක් දඹගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 11 වසරේ ඉගෙනුම ලබන තම දියණිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පොලිස් නිලධාරියෙකු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අමානුෂික ක්‍රියාව දරාගත නොහැකිව දැඩි ලෙස රෝගාතුර වූ දැරිය සිරිගල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මෙම අපරාධය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය විසින් තමන්ට මුහුණ දීමට සිදු වූ මෙම අමිහිරි අත්දැකීම වෛද්‍යවරයා හමුවේ හෙළි කර ඇත. සිද්ධියේ බරපතළකම වටහාගත් වෛද්‍යවරයා වහාම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ. ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ මොනරාගල පොලිස් නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.
දරුවන් ආරක්ෂා කළ යුතු පියෙකුම මෙවැනි මෘග ක්‍රියාවක නිරත වීම සමාජය තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ. මෙවැනි බිහිසුණු අපරාධ සිදු කරන පියවරුන්ට එරෙහිව උපරිම නීතිමය දඬුවම් ලබා දිය යුතු බවට සමාජයේ බලවත් මතයක් ගොඩනැගෙමින් පවතී.
















