පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ලේ බැංකුව අසලට පැමිණි නාගයකු ආරක්ෂිතව අල්ලා නිරුපද්‍රිතව ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කර ඇත. කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම නාගයා රෝගී වාට්ටු හා සායන කලාපවලට ඇතුළුවීම වළක්වාලීමට ඔවුන් කටයුතු කර තිබේ. රෝහල් සේවක පිරිසක් එක්ව සිදුකළ පැයක පමණ මෙහෙයුමකින් පසුව එම නාගයා ආරක්ෂිතව සහ නිරුපද්‍රිතව අල්ලාගැනීමට සමත්ව ඇති අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් උණුසුම් තත්ත්වය යටතේ ජලය සොයා යාමේදී මෙම රෝහල් පරිශ්‍රයට පැමිණෙන්නට ඇතැයි කාර්ය මණ්ඩලය අනුමාන කරයි.














