දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ පවතින උග්‍ර වන අලි තර්ජන හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඊයේ (12) දිනයේදීත් ගම්වැදුණු වන අලි පහරදීමක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස දෙකකට බරපතළ හානි සිදුව තිබේ.
වන අලි පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් ඇතුළු වගකිවයුතු බලධාරීන් මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවට ගම්වැසියෝ චෝදනා කරති. මෙම තත්ත්වය හේතුවෙන් තමන් නිරන්තරයෙන්ම අනාරක්ෂිත භාවයෙන් සහ බියෙන් පසුවන බව පවසන කණ්ඩලම ජනතාව, මේ සඳහා වහාම ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.















