27 April 2024
#දේශීය

දඹූල්ල යුරියා පොහොර බර අඩු චෝදනා වලට පිළීතුරු

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වා බෙදා හරිනු ලබන යුරියා පොහොර ඇසුරුම්වල නියමිත බර ප්‍රමාණයන් නොමැති බවට පසුගියදා ‌ගොවීන්ගෙන් චෝදනා කලේය.

මේ සිද්ධියට අදාලව දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවතින යුරියා පොහොර තොග නියදි පරික්ෂණයක් ඉකුත්දා සිදුකරනු ලැබීය.

මාතලේ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියොජ්‍ය කොමසාරිස් කුමාරිහාමී මහත්මියගේ උපදෙස් අනුව ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පුෂ්පකුමාර , ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් විජේකෝන් හා දඹුල්ල ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අහඹු නියදි පරික්ෂණය සිදුකරන ලදී.

මෙහිදී අහඹු ලෙස තෝරාගත් යුරියා ඇසුරුම් 24ක් බර කිරා බැලු අතර එහි සාමාන්‍ය බර කිලෝ 50ක් පමණ විය. මේ සම්න්ධයෙන් අදහස් දැක්වු ජතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් විජේකෝන් මහතා පැවැසුවේ පොහොර ඇසුරුම් කරනය සිදුකරනු ලබන්නේ යන්ත්‍රානුසාරයෙන් බවත්, යම් හෙයකින් යුරීයා බෑගයක නියමිත බර ප්‍රමාණය (කිලෝ 50) නොතිබුණ හොත් වීවෘත නොකර ආපසු බාර ගෙන අදාල සමාගම් වෙත යොමු කිරීමට කටයුතු කරන බවත්ය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *