2026 ලංකා ප්‍රේමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග අතරතුර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වෙත රුපියල් 10,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට JAT Holdings පීඑල්සී සමාගම ‘Sixes for Hope’ නමින් විශේෂ සමාජ සත්කාරයක් ආරම්භ කර ඇත.
JAT Paints හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ Official Paint Partner ලෙස කටයුතු කිරීමට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය යහපත උදෙසා යොදාගැනීමේ ඒකාබද්ධ අරමුණ තවදුරටත් තහවුරු කරයි. මීට පෙර පැවැත්වුණු LPL ‘Pink Match’ තරගයේ සාර්ථකත්වය මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.
එම විශේෂ ‘Pink Match’ තරගය මගින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමත්, ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යනු ලබන ‘සුව අරණ’ නේවාසික සත්කාර මධ්‍යස්ථානය සමග කණ්ඩායමේ සහභාගීත්වය හරහා පිළිකාවෙන් පීඩා විඳින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහය ලබාදීමත් සිදු කෙරිණි. මෙම වැඩපිළිවෙල ආරම්භ වූ මොහොතේ සිට තරගාවලිය අවසන් වන තෙක් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම එල්ල කරන සෑම හයේ පහරක් සමගම JAT Holdings සමාගමේ මූල්‍ය දායකත්වයද ක්‍රමයෙන් වර්ධනය වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් JAT Holdings හි විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ දිල්ෂාන් රොද්‍රිගෝ මහතා කියා සිටියේ, මෙම වැඩසටහන හරහා ක්‍රීඩාලෝලීන්ට ජයග්‍රහණ සමරන්න වගේම ඉන්දිරා පිළිකා භාරයේ වටිනා මෙහෙවරට සහය වීමටත් හොඳ අවස්ථාවක් ලැබෙන බවයි. එසේම, දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනී ඔල්ගා ආශ්ලි හේරත් මහත්මත්මිය සඳහන් කළේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන්ගේ සහ පවුල්වල ජීවිතවලට යහපත් වෙනසක් කිරීමට මෙම සෑම හයේ පහරක්ම දායක වන බව දැනගැනීම ක්‍රීඩකයින්ට විශාල උත්තේජනයක් වනු ඇති බවයි.
2026 ලංකා ප්‍රේමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව එකතු වන සමස්ත මුදල ඉන්දිරා පිළිකා භාරය වෙත නිල වශයෙන් භාරදීමට නියමිත අතර, JAT Holdings සහ දඹුල්ල සික්සර්ස් හි ඩිජිටල් මාධ්‍ය ජාල හරහා මෙහි ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකිය.














