ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්රීලනිප) ප්රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ. නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම සහ දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය මීට පෙර ප්රතික්ෂේප කර තිබූ අතර, ඊට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෙම අභියාචනය ගොනු කර තිබුණි.
අද (28) දිනයේ අභියාචනාධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය ලබා දීම ද ප්රතික්ෂේප කර ඇති අතර, අදාළ නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි මස 08 වැනි දින පැවැත්වීමට නියම කර ඇත. පක්ෂයේ නීතිමය තත්ත්වය සහ ධුර සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය තවදුරටත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
















