හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද සාම යෝජනාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.50 ක අගයක් දක්වා ආසන්න වශයෙන් 4% කින් ඉහළ ගොස් ඇත.
ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුම් මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින මෙම උණුසුම් වාතාවරණය සහ අවිනිශ්චිතතාව ඉදිරි බලශක්ති වෙළඳපොළ කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකයට සහ ඉන්ධන මිල ගණන්වලට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















