ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සීබ්‍රා ටෙක්නොලොජීස් හවුල්කරු වන DB Automation ආයතනය, 2026 වසරේ ‘වසරේ හවුල්කරු’ (Partner of the Year Award) සම්මානයෙන් පිදුම් ලබා ඇත. ව්‍යවසාය තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය සහ ඩිජිටල් පරිවර්තන විසඳුම් ක්ෂේත්‍රයේ එම සමාගම අත්කර ගෙන ඇති විශිෂ්ඨත්වය මෙම සම්මානයෙන් තහවුරු කෙරේ.
ගෝලීය ව්‍යවසාය වත්කම් බුද්ධි විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන සීබ්‍රා ටෙක්නොලොජීස් සමඟ පවතින ශක්තිමත් උපායමාර්ගික සහයෝගීතාව සහ නවෝත්පාදනයන් වෙනුවෙන් DB Automation දක්වන කැපවීම මෙම ජයග්‍රහණයට හේතු වී ඇත. මෙරට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට උසස් තාක්ෂණික විසඳුම් ලබා දීම වෙනුවෙන් එම සමාගම අඛණ්ඩව කැපවී සිටී.
සීබ්‍රා ටෙක්නොලොජීස්හි ශ්‍රී ලංකාවේ විශාලතම හවුල්කරු ලෙස, DB Automation ආයතනය උසස් ලුහුබැඳීමේ (tracking), සංචලතා (mobility), ස්වයංක්‍රීයකරණ සහ දත්ත ග්‍රහණය කර ගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දෙමින් දේශීය ව්‍යාපාරික මෙහෙයුම් නවීකරණය කිරීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. සැපයුම් දාමයේ දෘශ්‍යතාව, තොග කළමනාකරණයේ නිරවද්‍යතාව සහ සමස්ත ව්‍යාපාරික කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා සමාගම සාර්ථකව විසඳුම් ක්‍රියාත්මක කර ඇත.
අලෙවිකරණ, ලොජිස්ටික්ස්, නිෂ්පාදන, ගබඩාකරණ සහ සෞඛ්‍ය සේවා ඇතුළු අංශ රැසක ව්‍යාපාර සඳහා වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම මෙහෙයුම් පද්ධති හඳුන්වා දීමට DB Automation මේ වන විට සමත් වී තිබේ. මෙම ජයග්‍රහණය තම කණ්ඩායමේ කැපවීම, විශේෂඥතාව සහ සේවාලාභීන්ට ලබා දෙන අගය කිරීම්වල ප්‍රතිඵලයක් බව එම සමාගමේ කළමනාකාරීත්වය පවසයි.
















