ගෙළිඔය, දස්කර ඩී. බී. විජේතුංග විද්‍යාලය සහ පිළිමතලාව ශ්‍රී ධීරානන්ද විද්‍යාලය අතර පැවැත්වෙන ප්‍රකට “දෙනුවර සටන” මහා ක්‍රිකට් තරගය 2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා දින මහනුවර අස්ගිරිය ත්‍රිත්ව විද්‍යාලයීය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.
තෙවන වරටත් පැවැත්වෙන මෙවර මහා ක්‍රිකට් තරගයේදී ගෙළිඔය ඩී. බී. විජේතුංග විද්‍යාලයීය කණ්ඩායම රවිඳු රුක්මාල් විසින් මෙහෙයවනු ලබන අතර, පිළිමතලාව ශ්‍රී ධීරානන්ද විද්‍යාලයීය කණ්ඩායම මන්දුෂ් ජයවීර විසින් මෙහෙයවනු ලබයි.
ඩී. බී. විජේතුංග විද්‍යාලයීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රවීන්ද්‍ර මහවත්ත මහතා කටයුතු කරන අතර, ශ්‍රී ධීරානන්ද විද්‍යාලයීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දේවරාසා මහතා කටයුතු කරයි.
තරගයට එක්වන කණ්ඩායම් ද්විත්වය මෙසේය:
– ගෙළිඔය දස්කර ඩී. බී. විජේතුංග විද්‍යාලයීය කණ්ඩායම:
රවිඳු රුක්මාල් (නායක), නෙතුම් චමත්ක (උපනායක), තක්සර තාරුක, ජලිත විකුම්, ශෂීන්ද්‍ර ප්‍රභාෂ්වර, යසන්ජිත් බණ්ඩාර, චමුදිත් විහඟ, නදුන් වික්‍රමසිංහ, කෞශාන් චමත්මික, පසිඳු පවන්, කවිෂ්ක බණ්ඩාර, වරුන් මිහිදුම්, රශ්මික ප්‍රේමචන්ද්‍ර, කවිත ටෙහාන්, රුක්ෂාන් ලක්ෂිත, දිනක්ෂ සස්මිත, මිහිසර නිපුන්, සයුර වනිගසේකර, ඉඳුසර දෙනුවන්, නවීන් රූපසිංහ, රවීන්ද්‍ර මහවත්ත (ප්‍රධාන පුහුණුකරු).
පිළිමතලාව ශ්‍රී ධීරානන්ද විද්‍යාලයීය කණ්ඩායම:
මන්දුෂ් ජයවීර (නායක), සසිඳු, විහංග, විදුනිත, චන්දිමාල්, අසින්ත, නවිඳු, නදුන්, යසිරු, ගවීෂ්, සජීත්, දේවරාසා (ප්‍රධාන පුහුණුකරු).















