ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ උදම්පූර්හි සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 51 දෙනෙකු තුවාල ලබා තිබේ.
රාම් නගර් සිට උදම්පූර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක ගැටී මීටර් 60ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 65කට අධික පිරිසක් ගමන් කරමින් සිටි බව වාර්තා වේ.
තුවාල ලැබූ 51 දෙනා මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඉන්දීය ජනාධිපතිවරිය සහ අග්‍රාමාත්‍යවරයා මියගිය පිරිසගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.














