පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර් කලාපයේ සති දෙකකට අධික කාලයක් පුරා ඇවිළෙමින් පවතින දරුණු විරෝධතා සහ ගැටුම් හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 97 දෙනෙකු තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙය එම කලාපයේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම නොසන්සුන්තාව ලෙස සැලකෙන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා සංචාරණ නීති දැඩි කිරීම නිසා එදිනෙදා ජන ජීවිතය ද මුළුමනින්ම අඩාළ වී තිබේ.
මෙම ගැටුමට මුල් වී ඇත්තේ කාශ්මීර් ව්‍යවස්ථාදායක සභාවේ ඇති ආසන 45න් ආසන 12ක් සරණාගතයන් වෙනුවෙන් වෙන් කිරීමට එරෙහිව හටගත් විරෝධයයි. ඉන්දියානු පාලනයේ පවතින ජම්මු කාශ්මීරයේ සිට පැමිණි සරණාගතයන් වෙනුවෙන් මෙලෙස ආසන වෙන් කිරීමට එරෙහිව, මෑතකදී තහනමට ලක්වූ ‘ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුවේ’ ආධාරකරුවන් කැඳවූ වැඩවර්ජනයක් සමඟ මෙම ගැටුම් ආරම්භ විය. ආරක්ෂක අංශ සමඟ ඇති වූ දරුණු ගැටුම්වලින් පසු මේ වන විට විරෝධතාකරුවන් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















