ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ප්‍රාග්ධන ආයතනයක් වන Dearo Venture Capital Ltd විසින් සිය නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
සැප්තැම්බර් 10 වැනිදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නව අධ්‍යක්ෂ මණ්ඩලය සහ ආයතනයේ ඉදිරි උපායමාර්ගික දැක්ම පිළිබඳව හෙළි කර ඇති අතර, එම අවස්ථාවට මාධ්‍යවේදීන්, ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන් සහ අනෙකුත් පාර්ශ්ව එක්ව සිටියහ.
නව අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය, බැංකුකරණය, පාලනය, තාක්ෂණය, අවදානම් කළමනාකරණය, මානව සම්පත් සහ ආයතනික නායකත්වය යන ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත වේ.
K.M.M. ජබීර් මහතා සභාපති සහ ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, නීල් බෝගහලාන්ද, ලලිත් ප්‍රනාන්දු, මුදිත වෙලිහින්ද සහ ෂහීනා මොහොමඩ් යන මහත්ම මහත්මීන් ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ. ප්‍රසන්න රණසිංහ මහතා විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
Dearo Venture Capital ආයතනය මේ වනවිට දිවයින පුරා ශාඛා 25ක් හරහා ගනුදෙනුකරුවන් 25,000කට වැඩි පිරිසකට සේවා සපයන අතර, වෘත්තිකයන් 350කට වැඩි පිරිසකගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමඟ රුපියල් බිලියන 5කට අධික වත්කම් පදනමක් ගොඩනගා ඇති බව ප්‍රසන්න රණසිංහ මහතා සඳහන් කළේය.
සම්ප්‍රදායික ආයෝජන ආකෘතිවලින් ඔබ්බට යමින් සංචාරක, කෘෂිකර්මාන්ත, ධීවර, නිෂ්පාදන, වෙළෙඳ, අධ්‍යාපන, ඉංජිනේරු සහ සේවා යන ක්ෂේත්‍ර වෙත ආයෝජන යොමු කිරීමට Dearo Venture Capital අවධානය යොමු කරයි.
විශේෂයෙන්ම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වර්ධන ප්‍රාග්ධනය ලබාදීම, ව්‍යාපාර පුළුල් කිරීමට සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහාය වීම හරහා දේශීය ආර්ථිකයන් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව K.M.M. ජබීර් මහතා සඳහන් කළේය.
Dearo Agri, Dearo Education, Dearo Engineering, Dearo IT සහ Dearo Investment යන විශේෂිත අනුබද්ධ ආයතන හරහාද ක්ෂේත්‍ර පදනම් කරගත් සංවර්ධනය සඳහා සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ආයතනය කටයුතු කරයි.














