27 April 2024
#දේශීය

බැටිකලෝ කැම්පස් ගැන තීරණයක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

දැනට පවතින බැටිකලෝ කැම්පස් එකට උපාධි ප්‍රධානය කිරීමේ බලයක් කිසිසේත් ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් ලබා දීලා නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පවසා සිටි‌යේ එහි හොඳ ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් කොළඹ විශ්වවිද්‍යාලය හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාල සමඟ සංසන්දනය කළත් ඊට ඉහළින් තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,” ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් අපි ඇතුළත් කරගත්තේ 30,000ක පමණ ප්‍රමාණයක්. නමුත් මෙවර සිසුන් 41,500ක් පමණ ඇතුළත් කර ගන්නවා. අපේ රටේ දැනට විශ්වවිද්‍යාල 16ක් තියෙනවා. ලබන මාසයේ 17වන විශ්වවිද්‍යාලයත් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බැටිකලෝ කැම්පස් එක ගැන ලබා ගන්නට තීරණ දෙකක් තිබෙනවා. එකක් තමයි දැනට ක්‍රියාත්මකවන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට තවත් මණ්ඩපයක් වශයෙන් මෙය ලබාදීමට. එම විශ්වවිද්‍යාලය මඟින් මෙවර වෛද්‍ය සිසුන් 100ක් පමණ ඇතුළත් කරගනු ලැබුවා. ඒවගේ ම එහි අලුතින් ම විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නටත් අදහස්කොටගෙන තිබෙනවා. මේ විකල්ප දෙකෙන් හොඳම තීරණය රට වෙනුවෙන් ගන්නට අපි ක්‍රියා කරනවා. යනුවෙන් ද පැවසී ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *