27 April 2024
#දේශීය

ඉන්ධන කෝටාව වැඩිකිරීමේ තීරණයක් – ඛනිජ තෙල් අමාත්‍යංශය

ලබන මස සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබඳ ඊයෙ (25) පැවති ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙහිදී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදාහැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡාවක් පැවැත්විණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *