ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ඊයේ (02) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක් විය.
මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර මහතා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහභාගී විය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරු ප්‍රජාවට සහ පොදු මහජනතාවට තමන් මුහුණ දෙන ගැටලු, දුක්ගැනවිලි සහ සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු සෘජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබුණි. රණවිරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කළ කරුණු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සොයා බැලූ අතර, එම ගැටලු සඳහා කාර්යක්ෂම සහ කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
















