• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්

22 August 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක සබදතා තර කර ගැනීමට ක්‍රියා කරමින්, දෙපාර්ශවය අතර ආරක්‍ෂක අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමේ වැදගත්කම ගැන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙරා (Hon. Itsunori Onodera) මහතා අතර ඊයේ  (21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ජපාන අග්‍රාමාත්‍ය අබේ මහතා වරෙක සඳහන් කළාක් මෙන් නිදහස් සාගර ගමනාගමනය අතිශය වැදගත් බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හැම විට ම කැපවී ක්‍රියා කරන බව ය.

තවත් වසර විස්සක් ගත වෙද්දී බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් සීඝ්‍ර වර්ධනයක් ලබන හෙයින්, ඒ ප්‍රදේශයේ කේන්ද්‍රීය වරාය බවට ත්‍රිකුණාමලය වරාය පත්වන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන කටයුතු සඳහා ජපානයේ සහය අපේක්‍ෂා කරන බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කොට ඒ පළාත සහ ත්‍රිකුණාමලය වරාය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා පැවසීය.

ජපානය අද ලබා ඇති සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව අතීතයේ සිට ම ලබා දුන් සහය අගය කළ ඔනොදෙරා මහතා, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සැන්ෆ්‍රැන්සිස්කෝ දේශනය කෘතවේදීව සිහිපත් කළේ ය.

ශ්‍රී ලංකාව සහ ජපනය අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව ද, කලාපීය සාමය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Kenichi Suganuma), ජපාන ආරක්‍ෂක ප්‍රතිපත්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අකිහිරො සුචිමිචි (Mr. Akihiro Tsuchimichi), ඒකාබද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් තකෂි මොතොමත්සු (Gen. Takashi Motomatsu) ඇතුළු ජපාන නිලධාරීහු ද, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ආරක්‍ෂක සම්බන්ධීකාරක විශ්‍රාමික ජෙනරාල් සුමිත් බාලසූරිය යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

Post Views: 20
Previous Post

සබරගමුවේ 12කට එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලංකා බැංකු තුරුණු දිරියෙන් ණය

Next Post

වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරනවා – ජනපති

editor

editor

Next Post

වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved