දෙහිවල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකාරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (20) සවස සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය කාන්තාව වයස අවුරුදු 34ක් වන කොළඹ 02 ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















