දෙහිවල කාව්දාන හන්දිය අසලදී ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (“අයිස්”) මත්ද්‍රව්‍ය සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ පැසසුමට ලක්ව තිබේ.
පොලිස් සැරයන් මනාවුඩු (69976) සහ පොලිස් කොස්තාපල් චන්දන (79811) යන නිලධාරීන් මෙලෙස ඇගයීමට ලක් වූ අතර, ගල්කිස්ස කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණසේකර සහ සහකාර පොලිස් අධිකාරී II නිලංග යන මහත්වරුන් විසින් ඔවුන්ගේ සේවය අගයනු ලැබීය.
ජූලි 23 වන දින අත්අඩංගුවට ගැනීමේදී සැකකරු විසින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී අපරාධ බලය යොදා පොලිස් රාජකාරීවලට බාධා කර ඇති අතර, එම අවස්ථාවේදී මෙම නිලධාරීන් දෙදෙනා තම පොලිස් පුහුණුව සාර්ථකව යොදා ගනිමින් සැකකරු යටත් කර ගැනීමට සමත් වී ඇත.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත, ප්‍රශංසනීය සේවය අගයමින් මෙම නිලධාරීන් දෙදෙනාට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයක් ද ප්‍රදානය කර තිබේ.














