ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදිකිරීම් හා අභ්‍යන්තර නිර්මාණ (Interior Design) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ මෙන්ම විශ්වාසනීය නාමයක් දිනා සිටින ඩිලයිට් ට්‍රස්ට් ඉංජිනියරින් (Delight Trust Engineering (Pvt) Ltd) සමාගම, මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම ඇගයීමක් වන “Platinum Excellence Awards 2026” සම්මාන උළෙලේදී “Platinum Excellence in Engineering Services & Operational Reliability” යන සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මෙම සම්මානය සමාගම විසින් මෙරට ඉංජිනේරු සහ අභ්‍යන්තර විසඳුම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය, ඉහළ මෙහෙයුම් විශ්වාසනීයත්වය, ජාත්‍යන්තර ගුණාත්මක සේවා ප්‍රමිතීන් සහ පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපෘති (Customer-Centric Projects) සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී ජාතික ඇගයීමකි. “Delight Enterprises” සමාගම සමඟ අනුබද්ධිත ආයතනයක් ලෙස ආරම්භ වූ Delight Trust Engineering සමාගම, සිවිල් ඉදිකිරීම් (Civil Construction), වෘත්තීය මට්ටමේ අභ්‍යන්තර අලංකරණ හා fit-out සේවා, ඇලුමිනියම් සහ tempered glass නිර්මාණ, ජිප්සම් බෝඩ් ස්ථාපනය (Gypsum Board Installation), cladding විසඳුම් මෙන්ම සේවාලාභී අවශ්‍යතා මත පදනම් වූ විශේෂිත ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු ඉංජිනේරු සේවාවන් රැසක් සපයනු ලබයි.
වසර ගණනාවක විශ්වාසනීය ඉතිහාසයක් පුරා මෙම සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම් සහ ආයතනික ගනුදෙනුකරුවන් රැසකගේ මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ඉතා සාර්ථකව නිම කර ඇත. ඒ අතර කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon), සම්පත් බැංකුව (Sampath Bank), යුනියන් ඇෂුවරන්ස් (Union Assurance), ඒ.අයි.ඒ. රක්ෂණ සමාගම (AIA Insurance Lanka), පෑන් ඒෂියා බැංකුව (Pan Asia Bank), සනස සංවර්ධන බැංකුව (SDB bank) සහ මෙල්ස්ටා රෝහල් සමූහය (Melsta Hospitals) වැනි මෙරට දැවැන්තම සහ කීර්තිමත් සන්නාමයන් රැසක් අඛණ්ඩව ඩිලයිට් ට්‍රස්ට් ඉංජිනියරින් සමාගමේ සේවාලාභීන් අතර වීම සුවිශේෂී කරුණකි.














