දෙමටගොඩ කළු පාලම යටදී අද (17) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් ත්රිරෝද රථ රියැදුරෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ ගාල්ල, උඩුගම ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
පොලිසිය සැක පළ කරන්නේ කුලී ගමනක් යන මුවාවෙන් ත්රිරෝද රථයට ගොඩ වූ පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩික්කරු ත්රිරෝද රථයේ පිටුපස ආසනයේ සිට ප්රහාරය එල්ල කළේද යන්න පිළිබඳවද විමර්ශකයන් සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර තිබේ. වෙඩි තැබීමට හේතුව සහ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.














