දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව යම් ප්‍රමාණයක අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. කෙසේ වුවද, එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.4%ක්ම තවමත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. මේ හේතුවෙන් බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (07) තෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරුණි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 62,422ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගල මරණ 39ක් සිදුව තිබේ. මේ අතර මහනුවර පොලිසිය අසල, පේරාදෙණිය පාර, බහිරවකන්ද, නිත්තවෙල ඇතුළු ස්ථාන 7ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස අලුතින් හඳුනාගෙන ඇත. පවතින සෞඛ්‍ය අවදානම හමුවේ සිසු සිසුවියන් 40කට ආසන්න පිරිසකට ඩෙංගු වැළඳීම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමටද පාලනාධිකාරිය ඊයේ පියවර ගත්තේය.
















