ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා සිදුකරන ධූමායන ක්‍රියාවලිය සාර්ථක විසඳුමක් නොවන බවත්, එමගින් පරිසර පද්ධතියට සහ හිතකර කෘමීන්ට දැඩි හානියක් සිදුවන බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පෙන්වා දුන්නේ, මදුරුවාගේ ජීවන චක්‍රයේ පවතින අවස්ථා හතරෙන් ධූමායනය මගින් විනාශ වන්නේ වැඩුනු මදුරුවා පමණක් බැවින්, එය ඩෙංගු මර්දනයට තිරසාර ක්‍රමවේදයක් නොවන බවයි.
එක් වටයක ධූමායනයක් සඳහා රුපියල් 20,000කට අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර, එමගින් පරාගණය සිදුකරන මී මැස්සන් සහ බත්කූරන් වැනි පරිසරයට හිතකර කෘමීන් ද මියයාම බරපතළ පාරිසරික ගැටලුවක් බව සංගමය අවධාරණය කරයි. මීට අමතරව, දිගින් දිගටම කෘමිනාශක යෙදීම නිසා මදුරුවන් තුළ කෘමිනාශක ප්‍රතිරෝධයක් ඇතිවීම ද ඩෙංගු මර්දන කටයුතු ඉදිරියේ ඇති තවත් අභියෝගයක් බව ද ඔවුන් පෙන්වා දෙයි.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 52,068ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, ධූමායනය විද්‍යානුකූලව සහ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් සිදුකිරීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ විසින් සිහිපත් කරනු ලබයි. රෝග මර්දනය සඳහා හුදෙක් ධූමායනය මතම යැපීම වෙනුවට මදුරු කීට බෝවන ස්ථාන විනාශ කිරීමේ ක්‍රමවේදයන් කෙරෙහි මහජනතාව වඩාත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මේ හරහා තවදුරටත් තහවුරු වී ඇති අ
















