දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (05) පස්වරු 3.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (06) පස්වරු 3.30 දක්වා වලංගු වේ.
මෙම කාලසීමාව තුළ මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ වේගයකින් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සහ රියදුරන්ට ගස් කඩා වැටීම් හෝ ගොඩනැගිලිවලට සිදුවිය හැකි හානි පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
















