2024 සහ 2025 වර්ෂවලදී මෙරට පාසල් සිසුන් දහසකට අධික පිරිසක් සිය අධ්‍යාපනය අතරමඟ නතර කර ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2024 වසරේදී සිසුන් 597ක් සහ 2025 වසරේදී සිසුන් 301ක් ලෙස පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි. මීට අමතරව පාසල් නොයන දරුවන් ලෙස 2024 දී 711ක් සහ 2025 දී 885ක් හඳුනාගෙන ඇති අතර, ඉන් පිරිසක් නැවත අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් තවත් පිරිසක් තවමත් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
















