රාජ්‍ය දේපළවලට හානි කරන, දූෂණවල නිරත වන සහ උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට වත්මන් රජයට කිසිදු උවමනාවක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය පාලන සමයන්හි දේශපාලනඥයන් පැවසූ පරිදි කටයුතු කළ රාජ්‍ය සේවකයන් අද වන විට බන්ධනාගාරගත වීමට සිදුව ඇති බවයි. එහෙත් වත්මන් රජය රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ වෘත්තීය මට්ටම අගය කරමින් ඔවුන් සමඟ ඉතා ගෞරවනීය ලෙස ගනුදෙනු කරන බව ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අබේසිංහ මහතා කියා සිටියේ, නීත්‍යානුකූලව සහ බුද්ධිමත්ව කටයුතු කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සැමවිටම බැඳී සිටින නමුත්, අකාර්යක්ෂම සහ දූෂිත පිරිස් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. ඉදිරි වසර පහ ඇතුළත දේශපාලනයෙන් තොර රාජ්‍ය සේවයක් ක්‍රියාවෙන් පෙන්වන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.













