දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු කිසිදු බාධාවකින් තොරව යළි ආරම්භ කිරීමේ අරමුණින් ඔවුන් සඳහා දැල් ආම්පන්න බෙදාදීමේ වැඩසටහනක් අද (25) පැවැත්විණි.
මෙම වැඩසටහන නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ධීවර ප්‍රතිලාභීන් 14 දෙනෙකු වෙත දැල් කට්ටල ලබා දීමට කටයුතු යොදා තිබුණි.
වැඩකරන ජනතාවගේ අභිවෘද්ධිය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීම වෙනුවෙන් වත්මන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














