පෞද්ගලිකත්වය ආරක්ෂා කරන තාක්ෂණයන් (PET) සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Desilo, පස්වන පරම්පරාවේ සම්පූර්ණ හෝමෝමෝෆික් සංකේතන (FHE) තාක්ෂණය ඇතුළත් ‘GL Scheme’ නමැති සිය නවතම වාණිජ මෘදුකාංගය අද දින දියත් කළේය. හෝමෝමෝෆික් සංකේතනය යනු දත්ත විකේතනය (Decrypt) කිරීමකින් තොරව, ඒවා සංකේතනය කර ඇති අවස්ථාවේදීම ගණනය කිරීම් සිදු කළ හැකි සුවිශේෂී ගුප්ත ලේඛන තාක්ෂණයකි. මෙමඟින් දත්ත කාන්දුවීමේ අවදානමකින් තොරව, දත්ත රහසිගතව තබා ගනිමින්ම AI ආකෘති පුහුණු කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට (Private AI) මින් ඉදිරියට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම නව GL Scheme තාක්ෂණය මඟින් නූතන AI පද්ධතිවල ප්‍රධානතම වැඩබිම වන ‘Matrix Multiplication’ කාර්යය ඉතා කාර්යක්ෂමව සහ වේගවත්ව සිදු කිරීමට පහසුකම් සලසා තිබේ. හෝමෝමෝෆික් සංකේතනය සොයාගත් ක්‍රේග් ජෙන්ට්‍රි සහ Desilo හි ප්‍රධාන විද්‍යාඥ යොන්ග්වූ ලී එක්ව මෙය සංවර්ධනය කර ඇත. CPU සහ GPU යන දෙවර්ගයේම පරිගණක පරිසරයන් සඳහා ප්‍රශස්ත කර ඇති මෙම මෘදුකාංගය, AI ක්ෂේත්‍රයේ බහුලවම භාවිතා වන Python පරිගණක භාෂාවට ද සහය දක්වයි. මෙම නව හඳුන්වාදීමත් සමඟ මෙතෙක් සෛද්ධාන්තික මට්ටමේ පැවති පෞද්ගලික AI තාක්ෂණය (Private AI) ප්‍රායෝගික කාර්මික භාවිතය සඳහා යොදා ගැනීමට ශක්තිමත් පදනමක් වැටී තිබේ.














