රට තුළ පවතින ආර්ථික ස්ථාවරත්වය බිඳ දැමීමේ අරමුණින්, කෘත්‍රිම ලෙස ඩොලර් අර්බුදයක් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ මිලදී ගැනීමේ නව සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. මහරගම නගර සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය පරිසර හිතකාමී සහ ප්‍රජා සංවර්ධනය ඉලක්ක කරගත් වැදගත් පියවරක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














