• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු රටපුරා ඇරඹේ

29 November 2020
in සංවර්ධන

පළාත් පාලන ආයතන 341 ක මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු අද (29) දින ආරම්භ කෙරිණ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් ජා – ඇල කඳාන තෙරේසා මාවතේ සිට රිලවුල්ල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

“සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩපිළිවෙල යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ඉලක්කය ඉදිරි සිව් වසර තුළ සම්පූර්ණ කිරීමේ අරමුණෙහි තවත් එක් පියවරක් ලෙස මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ අද දිනයේ ක්‍රියාවට නැංවිණි.

මෙයට සමගාමීව ජා – ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දඩුගම ලංකා සභා පාසල අසළ සිට වහටිය ගම මාර්ගය, කුඩහකපොල දකුණ පන්සල මාර්ගය, රාගම සොයිසා නිවාස වටරවුම මාර්ගය, රාගම දඹුව මාර්ගය, ජා ඇල ඉදිවිට වෑවල යන මාර්ගයන් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මෙම මාර්ග සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 87.3 කි. ඒ යටතේ සංවර්ධනය වන දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.3 කි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩිල්ෂාන් ගුණවර්ධන, රජිත හපුආරච්චි, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් අර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

 

Post Views: 9
Previous Post

මේ රජය ආර්ථික අභියෝගයත් ජය ගන්නවා- ඇමැති මහින්ද

Next Post

කොළඹ අඩුආදායම්ලාභී කාන්තාවන්ට සනිපාරක්ෂක කට්ටල බෙදා දෙයි

editor

editor

Next Post

කොළඹ අඩුආදායම්ලාභී කාන්තාවන්ට සනිපාරක්ෂක කට්ටල බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved