දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ පිහිටි නිවසකට (22) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගන්දර පොලීසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර වහාම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
ගන්දර පොලිස් වසමට අයත් ඒදණ්ඩ පාර, දෙවිනුවර ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුට අයත් නිවසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ පිරිස සිට ඇතත්, එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාලයක් හෝ හානියක් සිදුව නොමැත.
සැකකරුවන් සහ වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලීසිය මඟින් මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.














