කාවඩි කණ්ඩායම් අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන නිකුත් වූ තර්ජනාත්මක හඬපට හේතුවෙන් දැඩි අවධානයට ලක්ව තිබූ දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පේළි පෙරහර අද (23) ආරම්භ විය. මෙවර කාවඩි පෙරහර ජූලි 28 වනදා ද, රන්දෝලි පෙරහර ජූලි 29 වනදා ද පැවැත්වීමට නියමිතය.
පෙරහර නැරඹීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව මෙන්ම රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 650ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 100ක් සහ බුද්ධි අංශ නිලධාරීන් රාජකාරියේ යොදවා තිබේ.
මේ අතර, දෙවුන්දර දේවාලය පිටුපස නිවසකට වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය කුලී පදනම මත මහනුවරින් ලබාගෙන, ව්‍යාජ අංක තහඩු යොදා කොටස් බද්ධ කර සකසන ලද්දක් බවට පොලිසිය තහවුරු කරගෙන ඇත. අදාළ මෝටර් රථය දික්වැල්ල – බෙලිඅත්ත පරණ පාරේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සොරාගත් යතුරුපැදියක් ද දික්වැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
මීට අමතරව, බෙලිඅත්ත ප්‍රදේශයේ දික්වැල්ල පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ නිවසට එල්ල වූ වෙඩිතැබීම ඉඩම් ආරවුලක් මත ඔහුගේ ඥාති සොහොයුරෙකු විසින් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.














