මැදපෙරදිග කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් තවදුරටත් සීමා වීමේ අවදානම මතුවීමත් සමඟ, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇත්තේ පසුගිය මැයි මාසයෙන් පසුව පළමුවරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 7.11%කින් ඉහළ ගොස් ඩොලර් 100.76ක් ලෙස සටහන් වී ඇත. මේ අතර WTI බොරතෙල් බැරලයක මිල 5.68%ක ඉහළ යාමක් සමඟ ඩොලර් 91.76ක් ලෙස සටහන් වී ඇති අතර, Murban බොරතෙල් බැරලයක මිල 17.80%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් ඩොලර් 105.40 දක්වා ඉහළ ගොස් තිබේ.














