මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කර එය විෂ වී අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘Devon 5’ ධීවර යාත්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු විදෙස් නෞකාවක් මගින් මුදා ගෙන, නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබා දී තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවෙන් රැගෙන ආ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගී ධීවරයා මෙන්ම මියගිය ධීවරයාගේ සිරුර ද රැගෙන ආ බවයි.
එම සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මගින් ඊයේ උදෑසන මුදවා ගැනීමට කටයුතු කළ ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු නෞකාව තුළදී මිය ගියේ ය.
රෝගී තත්ත්වයේ සිටින ධීවරයාට විජයබාහු නෞකාවේදී සිය වෛද්‍ය කණ්ඩායම හදිසි ප්‍රතිකාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මේ වනවිට ඩෙවෝන් 5 නමැති අදාළ බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු මිය ගියේ ය.
අදාල යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමග තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය 4 වැනිදායි.
			
                                
                                
							











