Standard Chartered ශ්‍රී ලංකා හි ධන කළමනාකරණ සහ පුද්ගලික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කළ බව DFCC බැංකුව නිවේදනය කරනවා. මෙම පියවරත් සමඟ ගනුදෙනුකරුවන් 50,000 කට ආසන්න පිරිසක් සහ අදාළ ව්‍යාපාරික අංශයේ සේවකයින් මේ වන විට DFCC බැංකුව සමඟ එක්ව සිටිති.
මෙලෙස අත්පත් කරගැනීමට ප්‍රමුඛතා බැංකුකරණ සේවාවන්, ක්‍රෙඩිට් කාඩ්, පුද්ගලික ණය ලබාදීම්, තැන්පතු, ධන කළමනාකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) ආදී ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකාර සබඳතා මෙන්ම තෝරාගත් මෙහෙයුම් වත්කම් ද ඇතුළත් වේ. මෙමඟින් DFCC බැංකුවෙහි පුද්ගලික බැංකුකරණ, ධන කළමනාකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ධාරිතාව වැඩිදියුණු වන අතර, ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම එදිනෙදා බැංකු කටයුතු (පවතින ගිණුම් අංක, කාඩ්පත් සහ PIN අංක, ස්ථාවර නියෝග සහ සුරැකි ගෙවීම් ලබන්නන්ගේ තොරතුරු ආදී සියල්ල) පෙර පරිදිම පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.
මෙම සාර්ථක ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේ, ආරම්භයේ සිටම තම ප්‍රධාන අවධානය යොමු වූයේ මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය ගනුදෙනුකරුවන්ට ඉතා සුමට හා හුරුපුරුදු අත්දැකීමක් බවට පත්කිරීමට බවයි. මීට අමතරව, Standard Chartered Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බිංඟුමාල් තෙවරාතන්ත්‍රි මහතා පැවසුවේ, Standard Chartered සමූහයේ ගෝලීය උපායමාර්ගයට අනුව ගත් මෙම තීරණය මඟින් තමන්ට වැඩිම ශක්තියක් සහ සුවිශේෂී සේවා හැකියාවක් ඇති ක්ෂේත්‍ර කෙරෙහි සම්පත් යොමු කිරීමට හැකි වූ බවයි.














