• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“DFCC Remittance” සේවාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් එවීමේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙයි

13 February 2024
in පුවත්, ව්‍යාපාර
“DFCC Remittance” සේවාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් එවීමේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙයි

DFCC බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තමන් උපයාගත් මුදල් මෙරට වෙසෙන තම ආදරණීයයන් වෙත පහසුවෙන් හා සුරක්ෂිත ලෙස එවීමට අවස්ථාව ලබාදීම සඳහා හඳුන්වා දී ඇති DFCC Remittances මුදල් ප්‍රේෂණ සේවාවන් මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත.

මෙම සේවාවන් සඳහා DFCC බැංකුව දැනටමත් ශ්‍රී ලාංකික බැංකු හා මූල්‍ය ආයතන 11 ක් සමග අත්වැල් බැඳගෙන සිටින අතර, මෙම හවුල්කාරීත්වයන් ඔස්සේ අදාළ මුදල් ක්ෂණිකව හා සෘජුවම ප්‍රතිලාභීන්ගේ දේශීය බැංකු ගිණුම් වෙත බැර වේ.

ලොව පුරා ප්‍රේෂණ සේවාවන් සපයන සමාගම් හා ආයතන රාශියක් සමග එක් වී DFCC බැංකුව තම ජාලය ලොව රටවල් හා කලාප රාශියක් වෙත ව්‍යාප්ත කර තිබේ. මෙම සේවාව ඔස්සේ බැර වන මුදල් දිවයින පුරා විසිරුණු මධ්‍යස්ථාන ජාලයක් වෙතින් ලබාගැනීමේ පහසුකම් සලසා දී ඇති අතර, ඊට අමතරව LankaPay ජාලයට අයත් ATM යන්ත්‍ර වෙතින්ද එම මුදල් ලබාගත හැක. තවද, විදේශ රටවල රැකියාව කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට විශේෂ ණය පහසුකම් සහ වෙනත් මූල්‍ය සේවාවන් පිරිනැමීමටද DFCC Remittances පියවර ගෙන තිබේ.

“විදේශ රටවල ජීවත් වන සහ රැකියාව කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට මුදල් එවීම සඳහා පහසු, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් ලබාදීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එම මුදල් මෙරටදී පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි. එම නිසා ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසෙන ආකාරයට DFCC Remittance සේවාවේ අංග සැලසුම් කර තිබෙනවා. මූල්‍ය සාක්ෂරතාව වෙනුවෙන් කැපවීම, නව්‍ය සේවාවන් ලබාදීම සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන තිබීම නිසා අප විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ අවශ්‍යතාවලදී ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබෙනවා. මේ ජනප්‍රියත්වය අපට මහත් සතුටක්. ඉදිරියටත් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පහසු, කාර්යක්ෂම සහ විශ්වාසනීය ප්‍රේෂණ සේවාවන් සැපයීමට අප සූදානම්.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා පැවසී ය.

DFCC Remittances හි විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහ එමගින් ක්ෂේත්‍රයට ලැබුණු දායකත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වර්ධනය උදෙසා එමගින් ලැබුණු අත්වැල වෙනුවෙන් එයට මෑතකදී “ADFIAP Merit Award 2023” ඇගයුම හිමි විය. විශිෂ්ටත්වය හා නවෝත්පාදනය වෙනුවෙන් කැපවෙමින් මෙරට ප්‍රේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට DFCC Remittances සමත් වී ඇති බවට එය මනා සාක්ෂියකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ඊශ්‍රායලය වැනි රටවල් හා කලාපවලට DFCC ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් පත්කිරීම, DFCC Remittances සේවාවේ ජනප්‍රියත්වය වේගයෙන් ඉහළ යාමට බලපෑ හේතුවක් විය. එමෙන්ම විදේශ ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුගේ නිජබිමක් ලෙස සැලකෙන කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමද මීට බලපා තිබේ.

හවුල්කරුවන් සමග සමීපව කටයුතු කිරීම, විදේශ සේවා නියෝජිත ආයතන වෙත ගොස් දැනුවත් කිරීම් සිදුකිරීම සහ ‘DFCC එතෙර සවිය’ වැනි පූර්ව-විදේශ රැකියා ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම ආදියද DFCC Remittances සේවාවන්හි ජනප්‍රියත්වයට මහෝපකාරී වී ඇත. මෙම උත්සාහයන් යටතේ මෙරට ප්‍රථම වරට, විදේශ රැකියාවන් සඳහා පිටත් වී යන පුද්ගලයන් ඉලක්ක කරගෙන මූල්‍ය සාක්ෂරතාව නැංවීමේ පුස්තිකාවක්ද එළිදක්වන ලදි. මීට අමතරව, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලදී මූල්‍ය සාක්ෂරතාව නැංවීමේ වැඩසටහන් පෙළක් සංවිධානය කිරීමටද DFCC බැංකුව පියවර ගත්තේ ය.

2023 වසර DFCC Remittances සේවාවන්ට සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එය ප්‍රේෂණ සේවාවන්හි විශිෂ්ටත්වය වෙනුවෙන් DFCC බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් තහවුරු කරන සාධකයක් වනු ඇත. දිගින් දිගටම විදේශ රැකියා නියුක්තිකයන් අතර ජනප්‍රිය වෙමින්, ඔවුන්ට විශිෂ්ට සේවාවක් සලසන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යහපැවැත්මට දායක වීමට DFCC බැංකුවේ අරමුණ වී තිබේ.

Post Views: 693
Previous Post

මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් දෙයක් නෑ -ඇමැති බන්දුල

Next Post

වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා රැසක්

editor ttvnews

editor ttvnews

Next Post
වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා රැසක්

වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved