• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩයලොග් T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි ‌

2 September 2021
in ක්‍රීඩා

වර්තමානය වන විට ශ්‍රී ලාංකීය ජාතික T20 කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වී තිබීම අප සැමගේ ප්‍රසාදයට ලක්ව ඇති කරුණකි.

විශේෂයෙන් එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය වගේම ලබන වසරේ පැවැත්වීමට නියමිත ICC Cricket T20 ලෝක කුසලානය සඳහා අපගේ ක්‍රීඩකයින් සවිබල ගැන්වීම මේ මොහොතේ අප සතුව ඇති ප්‍රමුඛතම අරමුණ වේ. මෙම අරමුණ සපුරා ගැනීමේ අභිප්‍රායෙන් ලාංකීය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් අද දින බිහිවන ක්‍රීඩකයින් හට දිරිය සහ ශක්තිය ලබාදීමේ අරමුණින් ඩයලොග් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරනු ලැබූ Dialog -SLC Invitational T20 League ක්‍රිකට් තරගාවලිය සදහා සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් විය.

ග්‍රීන්ස් (හරිත), ග්‍රේස් (අළු), රෙඩ්ස් (රතු) සහ බ්ලූස් (නිල්) යන වර්ණ යටතේ වර්තමාන ශ්‍රී ලාංකීය ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන අෂාන් ප්‍රියන්ජන, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩයකයන් සිව්දෙනාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් හතරකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම ඩයලොලා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 තරගාවලිය, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායී දැක්මක් නිර්මාණය කරමින්, තරුණ ක්‍රීඩකයින් රැසකට සිය දක්ෂතා දැක්වීම සඳහා මනා අවකාශයක් සලසාදීමට ද සමත් වීම සුවිශේෂී කරුණකි. මෙම තරගාවලියේ ශූරතාවය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC GREYS කණ්ඩායම විසින් දිනාගත් අතර, අනුශූරතාවය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු SLC REDS කණ්ඩායමට හිමි විය. අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ විරයා ලෙස පිළිවෙලින් SLC GREYS කණ්ඩායමේ මිනෝද් භානුක සහ දසුන් ශානක ඇගයීමට ලක්විය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී, ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

 

 

පිටපත – PR

Post Views: 9
Previous Post

චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී

Next Post

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන්

editor

editor

Next Post

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved