අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා හතක් යටතේ මෙම නඩුව පවරා තිබේ. 2016 ජූලි 14 වනදා සිට 2020 නොවැම්බර් 01 වනදා දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ බලපත්‍ර ලබා ගැනීමේදී ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු සැපයීම මගින් ආගමන හා විගමන පනත උල්ලංඝනය කළ බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එහි වැඩිදුර සාක්ෂි විභාගය ලබන මැයි මස 12 වැනිදා සිදු කිරීමට නියම කළේය.














