අධිකරණයට අපහාස කළ බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව කර තිබූ නිගමනය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
මන්ත්‍රීවරයා අදාළ රිට් පෙත්සම මගින් ඉල්ලා තිබුණේ තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
















