සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ 2010 – 2015 මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ කොටස් වෙළෙඳපොළේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සහ වංචාවන් පිළිබඳ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
මෙම විමර්ශනවලට අදාළව ඉදිරි දින කිහිපය තුළ නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරාදෙණිය යන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. වසර ගණනාවකට පෙර කොටස් වෙළෙඳපොළ තුළ සිදුවූ බව කියන මෙම ගනුදෙනු පිළිබඳව වත්මන් රජය යටතේ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.














