27 April 2024
#දේශීය

දිලිත්ගේ පක්ෂ මුලස්ථානය විවෘත කිරීම ලබන බදදා

දිලිත් ජයවීර මහතාගේ අලුතින් හිතන ගමනක ඇරඹුම සනිටුහන් කරමින් මව්බිම ජනතා පක්ෂ මූලස්ථානය එළැඹෙන බදදා (11) දින විවෘත කිරීමට නියමිතයි.

එය උද්‍යාන මාවත, කොළඹ 08 පිහිටි කාර්යාලය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


දිලිත් ජයවීර මහතා දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකාරත්වය දරන අතර මේ වන විට ජනාධිපතිවරණ මැතිවරණ රැසකගේ ප්‍රචාරණ කටයුතු සිදු කරන ලබන්නේම ඔහුගේ මුලිකත්වය යුතු සමාගම් මගිනි.

ඒ මහතා පසුගිය කාලයේදීම රට පුරා ඇති ආගමික ස්ථානවල ගොස් ආගමික වතාවත් මෙන්ම එම ස්ථානවල යම් යම් ඉදිකිරීම්වලට අවශ්‍ය පුර්ණ සහයෝගය ද ලබා දුන් බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට දිලිත් ජයවීර මහතා මේ වන විට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *