ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුම් ඇන්දවීමට විරෝධය පළ කරමින් දිඹුලාගල ප්රදේශයේ මහා සංඝරත්නය නිහඬ විරෝධතාවක නිරත වූ බවට තොරතුරු වාර්තා වේ.
එම විරෝධතාව මනම්පිටිය සීලපුර මංසන්ධියේ පිහිටි දිඹුලාගල නාහිමියන්ගේ පිළිරුව අබියස පැවැත්වූ බව සඳහන් වේ.
ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් පසු උන්වහන්සේගේ සිවුර ඉවත් කර බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ පාර්ශ්ව කිහිපයක් මීට පෙරද විරෝධය පළ කර තිබේ.
මේ අතර, සිවුර ඉවත් කිරීමේ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ද ගොනු කර ඇති බව මාධ්ය වාර්තා කර ඇත.
















