ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ ‘දිනුෂ චතුරංග’ නමැති සැකකරු ලබන මැයි මස 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.
මෙම සැකකරු මෙරටට රැගෙන ඒමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි අතර, එම රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු කෙසෙල්වත්ත පොලීසිය විසින් ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී පොලීසිය කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.
මෙම සැකකරු විදේශයක සැඟව සිටියදී මෙරට විමර්ශන අංශ මගින් සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි.













