• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියාවලිය අනිවාර්යයි

5 June 2020
in දේශීය

ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් PCR පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අදාල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන PCR පරීක්ෂණය සදහා මුහුණ දිය යුතු බවයි.

එසේම PCR පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන්, පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබේ.

 

කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින/කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට/නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් 2020 ජුනි 4 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව, එම උපදෙස් කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දීමට විදේශ සබ‍ඳතා අමාත්‍යාංශය වහාම පියවර ගෙන තිබේ.

මෙම සංශෝධිත උපදෙස් පහත පරිදි වේ

– අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිය හැකිය.

– එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වේ.

– එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.

– දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය.

– මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

– රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතුය.

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවයට යටත්ව, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 13
Previous Post

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මහජන බැංකුව හරහා මුදල් ගෙවයි

Next Post

මිහින්තලා පුදබිමේ අලෝක පුජාව ජනපති සුරතින් ඒකාලෝක වෙයි

editor

editor

Next Post

මිහින්තලා පුදබිමේ අලෝක පුජාව ජනපති සුරතින් ඒකාලෝක වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved