27 April 2024
#දේශීය

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මහජන බැංකුව හරහා මුදල් ගෙවයි

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම එලැඹෙන 07 වන ඉරිදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60 කින් සිදුකිරිමට විධිවිධාන සකස් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ද ෆිනෑන්ස් ශාඛා පිහිටා තිබූ නගරයන්හි ආසන්නතම මහජන බැංකු ශාඛා මඟින් මෙම ගෙවීම් සිදු කිරීමට නියමිතව ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *