• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් කලා – ඇමැති නිමල්

16 February 2024
in දේශීය, පුවත්
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් කලා – ඇමැති නිමල්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට ඊයේ (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී අති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා “ ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද පෙරවරුවේ අත්සන් තැබුණා. ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු ගිවිසුමට අනුව දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමඟ මගීන්ට අවශ්‍යතාව පහසුකම් සැපයීම අපගේ අරමුණයි. එසේම ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වනවා. ඊශ්‍රායල ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය අප සමඟ සදහන් කළා. ඒ වගේම පලාලි ගුවන් තොටුපළ හරහා දිනපතා ඉන්දියාව දක්වා තවත් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම (Indigo Airlines) සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව අභිලාෂ කැඳවීමක් සිදු කළා. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් එක් ආයෝජකයෙකු තෝරාගෙන තිබෙනවා. එම ආයෝජකයා සමඟ වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන සතියේ දී සම්මුතියකට එළඹීමට හැකිවනු ඇතියි. ඒ සමඟ එම ගුවන්තොටුපළ ද ලාභදායී තත්ත්වයට පත්කළ හැකි වනවා. එම ගිවිසුම රුසියානු සහ ඉන්දීය ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ පවතින තදබදය වළක්වා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර කවුළු 31ක් සහ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිරිකිරීමට ද අභිලාෂ කැඳවීම් සිදුකර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 06ක් වනවා. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිත අතර මාස 09ක් තුළ පවතින තදබදයට විසඳුම් ලබාදිය හැකි වනවා. ඒ වගේම ජයිකා ආයතනයේ සභාපතිවරයා ඊයේ දින (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවේදී දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එකඟතාව පළකළා. ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාව මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. වැඩිවන දාරිතාව අනුව වරාය ප්‍රසාරණය කිරීම සඳහා වරාය අධිකාරියට අයත් මුදල්වලින් නැගෙනහිර පර්යන්තය ඇමරිකන් ඩොලර් මිලියන 580ක් වැය කරමින් සංවර්ධනය කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ අනුව ECT පර්යන්තය හරහා විශාල කන්ටේනර් ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි අතර ඉන් ඉහළ ආදායමක් මෙරටට උපයාගැනීමට හැකියාව පවතිනවා යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,060
Previous Post

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

Next Post

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ – ජනාධිපති ලේකම්

editor ttvnews

editor ttvnews

Next Post
ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ – ජනාධිපති ලේකම්

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ - ජනාධිපති ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved