• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වනඅලි ගැටළුව ගැන ඇමැති පවිත්‍රා එක්ක සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නවා – මන්ත්‍රී දුමින්ද

24 October 2023
in දේශීය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසකට පවතින වන අලි ගැටලුව කඩිනමින් විසඳීමට වනජීවී අමාත්‍යයවරිය සමඟ සාකච්ජා කර අවශ්‍යය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්වානේගම, මැහිඇල්ලාව,පොතියාගම, කැලේගම, ගඟසිරිපුර, කෝන්ගොල්ලෑව, ඒරියාගම, තම්මැන්නාව, පයින්ඩිකුළම, දේල්නේගම, කුඩාබෙල්ලනකඩවල, සඳසිරිගම, ඔරුගලයාය, රාජපක්ෂාගම, කොන්වැව, තේක්කවත්ත, කුඩාබිලිබෑව, ළුණුවැව ආදී ගම්මාන රැසක ජනතාව මේ දින වල වන අලින් ගම්වැදීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිති.

ආහාර සොයා ගම්වදින වන අලින් ගම්මානයන්හී පවතින නිවාස , ගොවිතැන් ඇතුළු දේපළ විශාල වශයෙන් විනාශ කර දමන බවට ගම්වාසීන් පවසති.

මේ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් නිළධාරීන් හා ප්‍රදේශවාසීන් අතර සාකච්ජාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ තඹුත්තේගම මැහිඇල්ලෑව ප්‍රදේශයේදී පැවැත්විණි.මෙම සාකච්ජාව සඳහා මහා සංඝරත්නය,වනජීවී නිළධාරීන්, මහවැලි අධිකාරී නිළධාරීන්, ග්‍රාමනිළධාරීන්, කෘෂි පර්යේෂණ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී ප්‍රදේශවාසීන් විසින් තමන් වන අලින්ගෙන් විඳින පීඩාව සම්බන්ධයෙන් පෙන්වා දුන් අතර, ඒ සඳහා විසදුම් ලෙස අවශ්‍ය ලෙස අලි වෙඩි ලබා දෙන ලෙසත්, වන ජීවී නිළධාරීන් යොමු කර වන අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙසත්, නැතහොත් දරුණු වන අලින් අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කිරීමට හෝ ගම්මානයකට එක බැගින් හෝ තුවක්කු උණ්ඩ නොමැතිව හෝ ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියහ.

අලි තුවක්කුව කඩන සද්දෙටත් භයයි, ඒ නිසා අලි මරන්න නෙමෙයි භය කරන්න හරි තුවක්කු ටිකක් ගම් වලට දෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියහ.

ඒ අනුව ගම්වාසීන්ගේ ඉල්ලීම් පිළිබඳව වනජීවී විශය භාර අමාත්‍යයතුමිය දැනුම්වත් කර කඩිනමින් විසදුම් ලබා දෙන බව පැවසීය.වනජීවී නිළධාරීන්ට වන අලින් පළවා හැරීමේ කටයුතු සඳහා අවශ්‍යය වාහන පහසුකම් නොමැති බවද එහිදී නිළධාරීන් පෙන්වා දුන්හ.

ඒ අනුව ඔවුන්ට අවශ්‍යය වාහන පහසුකම් කඩිනමින් සපයා දීමට මැදිහත් වන බවට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් පැවසීය.

අනතුරුව වන අලින් හානී කළ නිවාස කීපයක්ද දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.තවද වන අලි පහර දීමකින් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබන මල්වානේගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ සුවදුක් විමසීමටච දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කටයුතු කරනු ලැබීය.

වන අලි පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඔහු වන අලියාගෙන් 99 න් දිවි බේරා ගත් ආකාරය පිළිබඳව මන්ත්‍රීවරයාට එහිදී පැහැදිලි කරනු ලැබීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 14
Previous Post

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා – ඇමති ප්‍රසන්න

Next Post

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – ඇමැති කංචන

editor

editor

Next Post

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට - ඇමැති කංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved